Published
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරුවේ නියමිත වේලාවට සියලු මධ්‍යස්ථානවලදී ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
පළමුවෙන්ම දෙවැනි ප්‍රශ්න පත්‍ර සදහා පිලිතුරු සැපයීමට සිසුන්ට අවස්ථාව ලබාදුන් බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ.
ඒ පෙරවරු 9:30 සිට 10:45 දක්වා පැය එකයි විනාඩි 15 ක කාලයක්. පළවෙනි ප්‍රශ්න පත්‍රය පෙරවරු 11:15 සිට 12:15 දක්වා පැයක කාලයක් හිමි වනවා.
දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී අයදුම්කරුවන් දෙලක්ෂ 94,089 දෙනෙකු විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා තිබුණා.
මහරගම අපේක්ෂා රෝහලේ ද විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.
එහිදී නේවාසිකව ප්‍රතිකාර ලබන සිසුන් 5 දෙනෙකුට වැඩ් පිරිසක් විභාගයට පෙනී සිටින බවයි වාර්තා වුණේ.



