හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත පැමිණ තිබෙනවා.

ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදුකළ කැඳවීමකට අනුවයි.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා එලෙස කැදවා ඇති බවයි වාර්තා වුණේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කර සුගීෂ්වර බණඩාර මහතා රාජ්‍ය ආයතන දෙකකින් එකවර වැටුප් ලබා ගනිමින් රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ලවී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.