සමගි ජන බලවේගය මගින් සංවිධානය කරන මෙවර මැයි දින රැළියට එක්සත් ජාතික පක්ෂයටද ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ මෙවර මැයි දිනය පොහොය දිනයකට යෙදී ඇති බැවින් මැයි දින සැමරුම රැළියකට පමණක් සීමා කරන බවයි.

ආණ්ඩුවට එරෙහි සටනක් ක්‍රියාත්මක කිරීමේදී සියළු දක්ෂිණාංශික බලවේග එක්කර ගත යුතු බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.