Published
අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගාල්ල දිසා අපරාධ කොට්ඨාස
විසින්.
අදාළ ගිනි අවිය යම් අපරාධ ක්‍රියා සඳහා භාවිත කර ඇද්දැයි සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ සමගි ජනබලවේගය නියෝජනය කරන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් බවයි වාර්තා වුණේ.
සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.




