Published
රැඳවුම් නියෝග මත කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ උදර ප්‍රදේශයට එන්නත් මගින් ඖෂධ ලබාදීමක් සිදුකර තිබෙනවා.
අද උදෑසන සුරේෂ් සලේ මහතාගේ සුවදුක් බැලීම සඳහා පැමිණි ඔහුගේ බිරිඳවන මනෝරී සලේ මහත්මිය මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සඳහන් කළේ, සලේ මහතාගේ සිරුරේ ස්ථාන කිහිපයකම රතුපැහැති ලප කැලැල් කිහිපයක් මතුව ඇති බවයි.
ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මේවනවිට ආරම්භ කර ඇති බවද මනෝරි සලේ මහත්මිය ප්‍රකාශ කළා.




