Published
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බරපතළ හෘද රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා නොතබා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එම ලිපිය මගින් ඇය පෙන්වා දී ඇත්තේ, ජාතික රෝහලේ වෛද්‍ය පරිසරයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට සිය සැමියා නැවත යැවීමට ගන්නා ඕනෑම උත්සාහයක් මගින්, ඔහුගේ ජීවිතයට ක්ෂණික සහ බරපතළ අවදානමක් ඇති විය හැකි බවයි.
කිසිදු නීත්‍යානුකූල විමර්ශනයකට බාධා කිරීමට, එය ප්‍රමාද කිරීමට හෝ ඊට මැදිහත් වීමට සිය සැමියාට හෝ පවුලේ කිසිවෙකුටත් කිසිදු අදහසක් නොමැති බවත්, නීතියට අනුකූලව සිදුකරන ඕනෑම විමර්ශනයකට පූර්ණ සහයෝගය සහ සහාය දීමට සූදානම් බවත් මනෝරි සලේ මහත්මියගේ ලිපියේ සඳහන්.


