Published
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අළුත්ගම, ගනේගම ප්‍රදේශයේදී 'සාගරිකා' දුම්රියේ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු මියගොස් ඇති අතර, එහි ගමන් කළ අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුර සිදු වූ ස්ථානයේ ආරක්ෂිත ගේට්ටුවක් නොමැති වීම හේතුවෙන් නිරන්තරයෙන් මෙවැනි අනතුරු සිදු වන බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් දුම්රිය මාර්ගය හරස් කර විරෝධතාවයකද නිරත වුණා.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වූ අතර, අදාළ ස්ථානයට ආරක්ෂිත ගේට්ටුවක් ලබාදීමට බලධාරීන් පොරොන්දු වීමත් සමඟ ප්‍රදේශවාසීන් විරෝධතාව අවසන් කළ බවටයි තොරතුරු වාර්තා වන්නේ



