Published
සාගරිකා දුම්රිය අද යලි පිලිපැනීමකට ලක්ව තිබෙනවා.
ඒ, ඊයේ වැල්ලවත්තේ පීලි පැනීමකට ලක්වූ එම දුම්රිය පීලිගත කර කොළඹ බලා ගමන් කරමින් තිබියදී කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය ආසන්නයේදීයි.
ඒ සවස 06.20 ට පමණයි.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව හා වැල්ලවත්ත අතර එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවන කටයුතු සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.



