සැකකටයුතු ලෙස මිය ගිය මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මේ වනවිට කුලියාපිටිය රෝහලේදි සිදු කෙරෙනවා.
ඒ, අධිකරණ වෛද්‍ය විශේඥයන් තිදෙනෙකු විසින්.
අදාළ පශ්චාත් මරණ පරිඏණය සිදු කිරිම සදහා අධිකරණ වෛද්‍ය විශේෂඥයන් සිව් දෙනෙකු පත් කරන ලෙසට අධිකරණය නියෝග කර තිබුණා.
ඒ අනුව සිව් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේ.
ඉන් තිදෙනෙකු මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන බව පොලීසිය පැවසුවා.
මහා භාණ්ඩාගාරයේ විදෙස් ණය පියවීමකදී අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත මහතා ඊයේ සැකකටයුතු ලෙස මියගොස් තිබුණා.
ඔහුගේ මළසිරුර නිවස ආසන්නයේ තිබී සොයාගෙන තිබූ අතර එය සියදිවි හානි කර ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ දිනයේ සිදු කෙරුණු අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා දේහය කුලියාපිටිය රෝහල වෙත රැගෙන ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.




