සිය පළමු ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්සතරගයේදීම විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලෝකයේම අවධානය දිනාගත් චේතනා විමුක්ති පිළිබද දැන් බොහෝ දෙනා කතා කරනවා.
ඇය මෙම දක්‍ෂතා දැක්වූයේ පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකාව සහභාගි වූ පළමු තරගයේදීයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකාව එහිදී තරග වැදුණා.
අරාබි ක්‍රීඩිකාවන් අන්දමන්ද කළ පන්දු යැවීමක යෙදුනු චේතාන විමුක්ති එහිදී ලකුණු 16කට කඩුළු 3 ක් දවා ගත් අතර තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ ද ඇයයි.
චේතනා විමුක්ති ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පැමිණෙන්නේ කොළඹින් බැහැර ඈත මොණරාගල සිටයි.
ඇය වැනි දුෂ්කරතා මධ්‍යයේ ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.
මේ, ඒ පිළිබද අදහස් දැක්වූ වෙළඳ,වානිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා.
"මොනරාගල දිස්ත්‍රික්කයෙන් ජාතික තලයට ක්‍රීඩාවට සම්බන්ධ වෙන ඒ ආදරණීය දියණිය තරඟයේ වීරයා බවට පත්වීම පිළිබඳව අපි පැහැදීමෙන්ම ඇයට සුබ පතනවා. ඉතාම දුප්පත් පවුල් පරිසරයක් ඇතුළේ එක පැත්තකින් තමන්ගේ ජීවනෝපාය වෙනුවෙන් දෙමාපියන් ගඩොල් කපන වෙලාවක, තව පැත්තකින් කිරි කර්මාන්තයත් එක්ක සම්බන්ධ රබර් කිරි කර්මාන්තයට අදාළව සහ කිරි කර්මාන්තයත් එක්ක සම්බන්ධ වෙලා මේ ආදරණීය දියණිය සහ පවුල ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන අතරතුරේදී ඇය අධ්‍යාපනය සඳහා පැල්ලත නවාද්‍යා පාසලට ඇතුළත් වෙනවා. නවාද්‍යා පාසලේ ක්‍රීඩා පොත තබලා දිස්ත්‍රික්කයේ යම් ක්‍රීඩා තලයකට ආපු ඇය පළාත් තරඟයෙන් ජාතික තලයට සම්බන්ධ වෙනවා. මම හිතන්නේ වර්තමාන රජය විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව සියලුම ක්ෂේත්‍රවල වැඩි අවධානයක් යොමු කරලා මේ ග්‍රාමීය මට්ටමෙන් බිහිවන දක්ෂ දරුවන් ජාතික සහ ජාත්‍යන්තර තලයට ගෙන යාම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් වර්තමාන රජය, විශේෂයෙන් කටයුතු කරමින් තියෙනවා ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා ඇමතිවරයා, නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු අමාත්‍යාංශය. ප්‍රධානම බාධකය බවට පත්වෙලා තිබිච්ච ඔවුන්ගේ ආර්ථිකය දායක කරගන්න බැරිකම, ආර්ථිකයට උදව් කරන්න එක, පෝෂණය කරුවන් නැතිවීම, මේ සියල්ලට ක්‍රීඩා අමාත්‍යාංශය මේ වෙලාවේ මැදිහත්වීම තියෙනවා."
පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවන තරගය අනිද්දා (02) පැවැත්වෙනවා.




