බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය - නිදහසේ පාද යාත්‍රාවේ පස් වන දිනය අදයි.

නිට්ටඹුව නගරයෙන් අද ආරම්භ වන එම පාද යාත්‍රාව කඩවත නගරය දක්වා පැමිණීමට නියමිතයි.

එම පාද යාත්‍රාව පසුගිය 10 වනදා ගමන් ආරම්භ කළේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියසින්.

ඒ අනුව ‘සිවුරට යුක්තිය - නිදහසේ පාද යාත්‍රාව හෙට දිනයේ දී කොළඹට ළඟාවීමට නියමිතයි.