Published
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විහාගයට පෙනී සිටි සිසුන්ගෙන් දෙලක්ෂ 25,748 දෙනෙකු උසස් පෙළ හැදෑරීම සදහා සුසුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම සියලුම විෂයන් සඳහා ඒ සාමාර්ථ ලබාගත් විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව 11,790ක් වන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවේ.
සිසුන් 7,419 දෙනෙකු එම විභාගයේ සියලු විෂයන් අසමත්ව ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවා.
ඒ, ඊයේ රාත්‍රි නිකුත් කෙරුණු 2025 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පිළිබදව දැනුවත් කිරීම සදහා විභාග දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.




