මේ සතියේ සිට සුළු හා මධ්‍ය පරිමාන මෝල් හිමියන් ද වී මිලදී ගැනීමේ කටයුතුවලට සෘජුව සම්බන්ධ වන බව කුඩා හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන් පවසනවා.

රජයේ සහතික මිලට වී මිලදී ගැනීමට තමන් සූදානම් බවයි අනුරාධපුර දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන්ගේ සභාපති සාගර අනුරුද්ධ මහතා පැවසුවේ.

"අඩු මිලට වී ලබා දෙන්න එපා, මේ සහතික මිලට වී ලබා ගන්නා බව මා කියා සිටිනවා. මම හිතන්නේ මුළු ලංකාව පුරාම පටන් ගන්නවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් 40කට ආසන්න ප්‍රමාණයක් අද 120 ගානේ වී මෝල් වල වී ගන්නවා."

මේ අතර රජයේ වී මිලදී ගැනීමේ කටයුතු සාර්ථකව සිදුවන බව වී අලෙවි මණ්ඩලයේ දිස්ත්‍රික් භාර කළමනාකරුවෙකු වන නිමල් ඒකනායක මහතා පැවසුවා.
''ගොවීන්ගෙන් ඉල්ලන්නේ අඩුවෙන් වී දෙන්න එපා, වී ප්‍රමිතියෙන් යුතුව නියමිත ප්‍රමිතියට වේලාගෙන ගබඩාවට ගෙනැත් භාර දීලා වැඩි මිලකට ගන්න කියලා. 85ට ආනං මේ වේලිච්ච ඒවා නැහැ. ඒත් ඉතින් ඔය හැම දෙයක්ම ගොවියාගේ තියෙන කම්මැැලිකම මත වෙච්ච දේවල් තමා. නැතුව මේ දැන් රජයේ විදියට මිලදී ගන්න හින්දා මේ ගැටලුවක් වෙන්නේ නැහැ. මේ වන විට මෙට්‍රික් ටොන් 600ක් විතර ලැබිලා තියෙනවා. මැදිරිගිරිය ගබඩාවට මෙට්‍රික් ටොන් 400ක් විතර ඇවිත් තියෙනවා.''