ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා ඉන්දීය උප ජනාධිපති සී.පී.රාධා ක්‍රිශ්ණන් මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියා.
ඉන්දීය උප ජනාධිපතිවරයා සමග 49 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.
එම පිරිස පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබෙනවා.
මෙම සංචාරය අතරතුර ඉන්දීය උප ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම ඔහු මෙරට තවත් දේශපාලන නායකයින් කිහිපදෙනෙකු හමුවීමට සහ වැඩසටහන් කිහිපයකට ද සහභාගී වීමට නියමිත බවයි ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.
මේ අතර ඉන්දීය උප ජනාධිපති සී.පී රාධාක්‍රිෂ්ණන් මහතාගේ මෙරට නිල සංචාරය හේතුවෙන් අද සහ හෙට කොළඹ නගරය හා ඒ අවට විශේෂ රථ වාහන සැළැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පැවසුවා.




