හබරාදුව නගරයේ පිහිටි සුපිරි වෙළඳ සැලකින් රුපියල් 2,590 ක් වටිනා භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එංගලන්ත ජාතිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම සුපිරි වෙළෙඳසැලේ කළමණාකාරිය කළ දැනුම් දීමක් මතයි.

එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ 65 වන වියේ පසු එංගලන්ත ජාතිකයෙකු බවයි
හබරාදූව පොලිසිය පැවසුවේ.

මොහු පසුගිය මැයි මස 26 වනදා දිවයිනට පැමිණ තිබෙනවා.

සැකකාර එංගලන්ත ජාතිකයා අද (24) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.