Published
හලාවත මහ රෝහලේ අක්ෂි සායනයක් සදහා පැමිණි කාන්තාවකගේ ගෙල බැදි රන් මාලය කිසියම් පුද්ගලයෙකු විසින් කොල්ලකා පලා ගොස් තිබෙනවා.
සිය සැමියා සමග අක්ෂි සායනයට පැමිණි එම කාන්තාව කොළ කැද පානය කිරීම සදහා රෝහල ඉදිරිපිටට පැමිණි අවස්ථාවේ මෙලෙස රන් මාලය කොල්ලා ඇති බවයි නෙත් නිවුස් නියෝජිත ජූඩ් සමන්ත පැවසුවේ.
අවට සිටි පිරිස සැකකරු පසුපස හඹා ගියද ඔහු අල්ලා ගැනීමට නොහැකි වී තිබෙනවා.
උඩප්පුව - අඩිමුනේ පදිංචි වයස අවුරුදු 74 ක් වන එම කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර ඇති බවද නෙත් නිවුස් නියෝජිතයා පැවසුවා.
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් විමර්ශන ක්රියාත්මකයි.




