Published
සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අත්පත් කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණයක් ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා පවසනවා.
ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී තීරණ ගනු ඇති බවයි ඔහු කියා සිටියේ.
මේ තුළින් කිසිදු ණය පැහැර හැරීමක් සිදු නොවන බවයි ඔහු කියා සිටියේ.
සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කර ගත් මුදලින් හැකි ප්‍රමාණයක් යළි ලබාගැනීමට උත්සහ කරන බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා පැවසුවේ.



