හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කැමරා ශිල්පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිටතට පැමිණි අවස්ථාවේදී,  කැමරා ශිල්පියා අදාළ ආරක්ෂක නිලධාරියාට මෙලෙස ප්‍රහාරයක් එල්ල කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

පහරකෑමට ලක්වූ ආරක්ෂක නිලධාරියා සිද්ධියෙන් පසුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණා.