හෝකන්දර, වානගුරු මාවතේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී කුෂ් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සදහා මාලඹේ පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

සැකකරු මෝටර් රථයකින් කුෂ් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි.

එහිදී මෝටර් රථයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ දෙකයි ග්‍රෑම් 106කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

එමෙන්ම සැකකරු සන්තකයේ තිබි රුපියල් 39,290 ක මුදලක් ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ තලාහේන, වීර මාවතේ පදිංචි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මාලමේ පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.