හෝමාගම සහ අවට ප්‍රදේශය කිහිපයකට හෙට (24) දිනයේ සිදු කෙරෙන ජල කප්පාදුවෙහි වේලාව සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව හෝමාගම, කොට්ටාව, පාදුක්ක, ගලගෙදර, පන්නිපිටිය සහ පැලැන්වත්ත ප්‍රදේශවලට හෙට (24) රාත්‍රී 8.00 සිට අනිද්දා (25) රාත්‍රී 8.00 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.

එම කාලය තුළ මහරගම ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙනවා.

ලබුගම, කලටුවාව සිට මහරගම දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගය ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩ්දුරටත් පැවසුවා.