හෝමාගම, ගැමුණු මාවතේදි හෑෂ් මත්ද්‍රව්‍ය සන්තකව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හෝමාගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

ඒ අනුව සැකකරුගේ නිවසේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 106යි මිලිග්‍රෑම් 300ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු හෝමාගම අධ්කරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.