හෝමාගම, කොට්ටාව, ගලගෙදර, පන්නිපිටිය, පැලැන්වත්ත සහ මහරගම ප්‍රදේශවලට

පැය 24ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ, හෙට (24) පස්වරු 6 සිට අනිද්දා (25) පස්වරු 6 දක්වායි.

ලබුගම, කලටුවාව සිට මහරගම දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගය ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩ්දුරටත් පැවසුවා.