තෙල්දෙණිය, වික්ටොරියා ප්‍රදේශයේදී ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 36දෙනෙකු හා සැකකාරියන් 05දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තෙල්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක්ම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21ත් 40ත් අතර වයස්වල පසුවන ගෙලිඔය, අළුත්වත්ත, වරකාපොල, පේරාදෙණිය, අම්පිටිය, මහනුවර, හඟුරන්කෙත ප්‍රදේශ වල පදිංචිකරුවන්.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 22ත් 43ත් අතර වයස්වල පසුවන පල්ලේකැලේ, පේරාදෙණිය, හඟුරන්කෙත, දෙහිවල, කටුගස්තොට පදිංචිකාරියන් බවයි පොලිසිය පැවසුවේ.