Published
අගෝස්තු 09 පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ එම විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රය පළමුව පැවැත්වෙන බවයි. ඒ අගෝස්තු 09 වනදා පෙරවරු 9.30 - 10.45 දක්වායි.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 - මධ්‍යහ්න 12.15 දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.




