කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ඊයේ සමත් වුණා.
ඒ, ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායමට එරෙහි පැවති තරගයකදීයි.
එස් කේ එන් පැටි්රයට්ස් කණ්ඩායම නියෝජනය කළ දසුන් ශානක මෙම තරගයේදි පන්දු 43 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 121ක්.
ඒ, හතරේ පහර 8ක් සහ දැවැන්ත හයේ පහර 12ක්ද සමගින්.
ඔහුගේ ප්‍රහාරාත්මක වේගය සටහන් වී තිබුණේ 281යි දශම 3 යි 9ක් ලෙසයි.
දසුන් සිය ශතකය වාර්තා කළේ පන්දු 39 කදීයි.
ඒ අනුව මීට පෙර ඇන්ඩ්‍රේ රසල්, ටිම් සයිෆර්ට් සහ ෂිම්රොන් හෙට්මියර් පන්දු 40කදී ශතක රැස් කරමින් පිහිටුවා තිබූ වාර්තාව දසුන් ශානක මෙහිදි බිද හෙළීමට සමත් වුණා.
දසුන්ගේ මෙම විශිෂ්ට ප්‍රහාරාත්මක ඉනිම හමුවේ පැටි්රයට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 4 ක් දැවී ලකුණු 235 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 13යි පන්දු 5කදී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 98 ක් පමණයි.
ඒ අනුව දසුන් ශානක නියෝජනය කරන පැටි්රයට්ස් කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 137ක දැවැන්ත ජයක් හිමි වුණා.
මේ අතර දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන එංගලන්ත සංචාරයේ විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායම් දෙකටම කැඳවා තිබෙනවා.




