ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලබන 9 වනදා පැවැත්වීමට නියමිත තීරණාත්මක සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කර නැතැයි වාර්තාවනවා.

ඒ අනුව නිරීක්ෂකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඇස්ලි ද සිල්වා මහතා ඊට සහභාගි කරවීමට අවධානය යොමුව ඇති බවයි විශ්වාසදායක ආරංචි පැවසුවේ.

එසේ වුවත්, සාකච්ඡාවට සහභාගි නොවී නිරීක්ෂකයෙකු ලෙස පමණක් ඒ සඳහා සහභාගි වීම ඵලදායී නොවන බව අදහස වී තිබෙනවා.

එබැවින් ඈෂ්ලි ද සිල්වා මහතා ද මෙම සාකච්ඡාව සඳහා බොහෝවිට සහභාගි නොවනු ඇති බවයි පැවසෙන්නේ.