මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT’ නෞකාව 2026 ජුනි මස 01 වන දින දිවයිනට පැමිණි අතර, එම නෞකාව 2026 ජුනි මස 04 වන දින මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව දිවයිනෙන් පිටත්ව ගියා. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කර තිබෙනවා.
මෙලෙස දිවයිනට පැමිණි ‘INS AIRAVAT’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති හා ධජ නිලධාරී නාවික දියත් විධානය අතර, නිල හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුවූ බවයි නාවික හමුදාව පැවසුවේ. එහිදී දෙරටේ නාවික හමුදාවන් අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා.
එමෙන්ම, ඉන්දීය නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත අලුත්වැඩියා කට්ටල සමඟ නව නියුමැටික් ෆෙන්ඩර් (Pneumatic Fenders) හතරක් පරිත්‍යාග වශයෙන් ප්රදානය කිරීම ද එහිදි සිදුවූ බවයි නාවික හමුදාව පැවසුවේ. එම අවස්ථාව සඳහා ‘INS AIRAVAT’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති ඇතුළු නියෝජිත පිරිසක් එක්ව තිබෙනවා.
නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එහි කාර්යය මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ විවිධ වැඩසටහන් සඳහා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් වෙත නෞකාව නැරඹීම සඳහා ද අවස්ථාව හිමි හිමි වූ බවයි නාවික හමුදාව පැවසුවේ. එසේම, නෞකාවේ කාර්යය මණ්ඩලය මෙරට ආකර්ෂණීය ස්ථාන කිහිපයක සංචාරයක ද නිරත වී තිබෙනවා.










