මෙවර IPL තරගාවලියේ තවත් අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු අභිෂේක් ෂර්මා ඊයේ (21) සමත් වුණා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 68කදී නොදැවී ලකුණු 135ක් රැස් කළ ඔහු, ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි තබා තිබූ සුවිශේෂී වාර්තාවක් ද සම කිරීමට සමත් වීම විශේෂත්වයක්.

​ අභිෂේක් ෂර්මා, සිය දෙවන IPL ශතකය වාර්තා කළේ පන්දු 47ක් පමණක් වැය කරමින්. මෙය ඔහුගේ සමස්ත විස්සයි විස්ස වෘත්තීය ජීවිතයේ 9 වන ශතකය වන අතර, ඒ අනුව විස්සයි විස්ස පිටියේ වැඩිම ශතකලාභී ඉන්දියානු පිතිකරුවා ලෙස විරාට් කෝලි තබා තිබූ වාර්තාව (ශතක 9) සම කිරීමට ද අභිෂේක්ට හැකි වුණා.

අභිෂේක්ගේ මෙම ඉනිමට වාසනාව ද නොඅඩුව උදව් වූ අතර, ලකුණු 51දී දුවද්දී දැවී යාමට තිබූ අවස්ථාවක් කේ.එල්. රාහුල් අතින් ද, ලකුණු 87දී උඩ පන්දුවක් නිතිෂ් රානා අතින් ද ගිලිහී ගියා.

එහෙත් එම අවස්ථාවලින් උපරිම පල නෙලාගත් ඔහු හයේ පහර 10ක් සහ හතරේ පහර 10ක් සමඟින් ලකුණු 135ක් රැස් කළා. මෙහි විශේෂත්වය වන්නේ ඔහුගේ මුළු ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු 100ක්ම හතරේ සහ හයේ පහරවල් (Boundaries) මගින් වාර්තා වීමයි.

​එමෙන්ම, විස්සයි-20 ඉතිහාසයේ ක්‍රිස් ගේල්ට පසුව වැඩිම තරග සංඛ්‍යාවකදී (වාර 5ක්) හයේ පහර 10කට වඩා එල්ල කළ ලොව දෙවන පිතිකරුවා ලෙස ද අභිෂේක් ඉතිහාසයට එක් වුණා.

තරගයේදී සිය අර්ධ ශතකය සඳහා පන්දු 25ක් වැය කළ ඔහු, එය හයිද්‍රාබාද් තණතීරුවේ තමන් වාර්තා කළ මන්දගාමීම අර්ධ ශතකය ලෙස සනිටුහන් කළත්, අවසානයේ 198.52ක ඉහළ ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගැනීමට සමත් වුණා.

​තම පියා ක්‍රීඩාගාරයේ සිට නරඹමින් සිටියදී අභිෂේක් දැක්වූ මෙම දක්ෂතාව
​නොදැවී ලකුණු: 135
​පන්දු: 68
​හතරේ පහර: 10
​හයේ පහර: 10
​ප්‍රහාරාත්මක වේගය: 198.52