2025 වසරට අදාළ  අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි පැය 24 තුළ නිකුත් කිරීමට හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ වනවිට ඊට අදාළ අවසන් අදියරේ කටයුතු සිදුකරමින් ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයෙකු පැවසුවේ.

එම විභාගය පසුගිය පෙබරවාරි 17 වනදා සිට 26 වනදා දක්වා පැවැත් වුණා.

ඊට අයදුම්කරුවන් 451,463 ක් සුදුසුකම් ලබා තිබුණා.

දිවයින පුරා මධ්‍යස්ථාන 3545 කදී විභාග පැවැත් වුණා.