මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මඟින් සපයනු ලබන සියලුම මහජන සේවාවන්, හෙට (නොවැම්බර් 23) දින සිට පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ (Appointment) ක්‍රමය යටතේ පමණක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මහජනතාවගේ පහසුව සලකා පෙර ලබා දී තිබූ දෛනික පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ අවස්ථා ගණන දෙගුණයකටත් වඩා වැඩි කිරීමට ද පියවර ගෙන තිබෙන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ.
පෙරට වඩා වැඩි සේවාලාභීන් පිරිසකට දෛනිකව කඩිනමින් සහ පහසුවෙන් සිය සේවාවන් ඉටුකර ගැනීමට අවස්ථාව මෙමගින් සැලසෙන බවද නෙත් නිව්ස් කල විමසීමකදී ඔවුන් කියා සිටියා.
සේවාලාභීන්ට පූර්ව වේලාවක් වෙන්කර ගැනීම ක්‍රම දෙකකින් සිදුකරගත හැකියි.
0112 117 116 අංකය අමතා දුරකතන මාර්ගයෙන් වෙලාවක් වෙන් කර ගැනීම පළමු ක්‍රමය වනවා.
නැතහොත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස මාර්ගගත (Online) ක්‍රමයට වෙලාවක් වෙන් කර ගත හැකියි.
ඒ අනුව හෙට දින සිට නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය අසල අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
පූර්ව වෙලාවන් වෙන්කර පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ (Appointment) ක්‍රමය යටතේ පමණක් සේවා සැපයීමට හෙට සිට කටයුතු කෙරෙන්නේ මහජනතාවගේම පහසුව සහ කාලය ඉතිරි කර ගැනීම වෙනුවෙන් බවයි වැඩිදුරටත් අවධාරණය කෙරුණේ.




