රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තමන්ගේ ”මිතුරෙකු” බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රතිචාර තිබෙනවා.
ඒ අනුව යුක්රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ පුටීන් තමන්ට ”මිනීමරුවෙකු” බවයි.
පුටින්ව හඳුන්වන්නේ කෙසේද යන්න අමෙරිකානු ජනාධිපතිවරයාට අයත් කාරණයක් වුවත්, තමන්ට ඔහු සතුරෙකු සහ මිනීමරුවෙකු බව සෙලෙන්ස්කි ක්‍භභ පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය බ්‍රහස්පතින්දා චීන නායක ෂී ජින්පින් සහ පුටින් සමඟ පැවති ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවට පෙර ට්‍රම්ප් පවසා තිබුණේ පුටින් තම මිතුරෙකු බවත්, දෙදෙනා අතර වසර ගණනාවක් පුරා ඉතා හොඳ සබඳතාවක් පවතින බවයි.
මේ අතර, රුසියානු ප්‍රහාර තවදුරටත් ක්‍රියාත්මක වන අතර මධ්‍යම ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් කලාපයේ පිහිටි සෙලෙන්ස්කිගේ උපන් ගම වන ක්‍රිවි රි වෙත එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් පිරිමි ළමයෙකු ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 52 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඊසානදිග කාර්කිව් කලාපයේ 11 දෙනෙකු සහ වයඹදිග රිව්නේ ප්‍රදේශයේ එක් අයෙකු ද ප්‍රහාරවලින් තුවාල ලබා ඇති බවයි යුක්රේන රාජ්‍ය හදිසි සේවය සඳහන් කළේ.
කියෙව් අගනුවර පාලම් සහ බටහිර යුක්රේනයේ දුම්රිය ස්ථාන ඉලක්ක කරගනිමින් ඊයේ එල්ල වූ රුසියානු ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බැලස්ටික් මිසයිල 27ක් ඇතුළුව මිසයිල 110ක් සහ ඩ්‍රෝන යානා 400කට අධික සංඛ්‍යාවක් යොදාගනිමින් එල්ල කළ මෙම ප්‍රහාරය, ”මෙම වසරේ එල්ල වූ දැවැන්තම ප්‍රහාරය” ලෙස සෙලෙන්ස්කි පවසනවා.
ක්රිමියානු පාලමට යුක්රේනය විසින් දැඩි හානි සිදු කර දින කිහිපයකට පසුව රුසියාව මෙම ප්‍රහාර මාලාව දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ




