ශ්‍රී ලංකාවේ Visa කාඩ්පත් පරිශීලකයින් සඳහා වඩාත් වේගවත් සහ සුරක්ෂිත ඩිජිටල් ගෙවීම් අත්දැකීමක් ලබා දෙමින් Visa සමාගම ‘Click to Pay’ සේවාව අද සිට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනවා.
මෙමඟින් පාරිභෝගිකයාට ලැබෙන සුවිශේෂී වාසි පහතින්
අන්තර්ජාල ගනුදෙනුවලදී නැවත නැවත කාඩ්පත් විස්තර ඇතුළත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ - එක් වරක් පමණක් සිදුකරන සරල සැකසුමකින් (one-time setup) පසු, සෑම අවස්ථාවකදීම කාඩ්පත් අංක හෝ පෝරම පිරවීමකින් තොරව ක්ලික් කිරීම් කිහිපයකින් ගෙවීම් කළ හැක.
වේගවත් සහ බාධාවකින් තොර ගනුදෙනු - තමන්ගේ විද්‍යුත් තැපෑල (Email) හෝ ජංගම දුරකථන අංකය පමණක් භාවිත කරමින් ඉතා වේගයෙන් භාණ්ඩ මිලදී ගැනීමේ (checkout) හැකියාව.
උපරිම ආරක්ෂාව (Tokenised තාක්ෂණය) - ගෙවීම් කිරීමේදී කාඩ්පතේ සංවේදී තොරතුරු වෙනුවට ආරක්ෂිත digital tokens ආදේශ වන බැවින්, සැබෑ කාඩ්පත් අංකය රහසිගතව පවතී.
මූල්‍ය වංචා සිදුවීමේ අවදානම සම්පූර්ණයෙන්ම වැළකේ.



