Published
දිවයින ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනයවීම ක්රමයෙන් පහව යමින් ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අනාවැකි අංශයේ නියෝජ්ය අධ්යක්ෂ ජිවන් කරුණාරත්න මහතා පැවසුවේ පවතින වැසි තත්ත්වයේ අඩුවීමක්ද අපේක්ෂා කළ හැකි බවයි.
ඔහු එම අදහස් පළ කළේ වැසි තත්ත්වය පිළිබද නවතම තොරතුරු දැන ගැනීම සදහා කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වෙත ගිය නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු කේසර බණ්ඩාර ඇතිපොල සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.
කෙසේවෙතත් කැළණි, ගිං, කළු ඇතුළු ප්රධාන ගංගා කිහිපයක් ආශ්රිත පහත් බිම්වල ජනතාව තවදුරටත් විමසිල්ලෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්යා හා ආපදා කළමණාකර අධ්යක්ෂ එල් එස් සූරිය බණ්ඩාර මහතා පැවසුවේ.




