Published
හිමිකරුවකු නොමැති ඉඩමක් ලෙස ප්‍රකට මල්වානේ පිහිටි ඉඩම සහ නිවස ඇතුලු දේපොළ විශ්වවිද්‍යාල ඇතුළු පොදු ජනතා පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ පිරිසක් තවදුරටත් එහි රැදී සිටිමින් විරෝධතාවක නිරත වනවා.
කෙසේවෙතත් එම විරෝධතාවට ආණ්ඩුවේ කිසිදු මැදිහත්වීමක් නොමැති බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සූරවීර මහතා පැවසුවේ.




