අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් අනුරාධපුර රුවන්වැලිසෑය අසල දන්සල් භූමියේදී ආරම්භ කළ සත්‍යග්‍රහය අඛණ්ඩව සිව්වන දිනටත් මේ වනවිට පැවැත්වෙනවා.
එම ස්ථානයට ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකු පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.
ඔහු පැමිණ තිබුණේ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි එම ස්ථානයෙන් බැහැරට වැඩම කර සිටි අවස්ථාවකදීයි.
බැහැරට වැඩම කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් යළි එම ස්ථානයට වැඩ කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.
මේ අපේ සත්යග්රහ භූමියට පිරිසක් එවන්න සූදානමින් සිටිනවා කියලා අපිට ආරංචි වුණා. ඒ සම්බන්ධයෙන් අපි සමාජ මාධ්‍යයේ පල කරා. කොහොමහරි සොමරතන හාමුදුරුවෝ අද අපි විශේෂයෙන් බෙහෙත් කරන්න ඕන නිසා අපිට පොඩි නැවතුමකට අපි වැඩම කරා. ඒ වැඩම කරපු වෙලාවේ මෙයා ඇවිල්ලා වන්දිභට්ටයෙක් ඇවිල්ලා මොනවද මන්දා කතා ටිකක් කියලා තියෙනවා. කිව්වා එනකන් ඉල්ල කියන්න කියලා. කොහොමහරි පැනලා ගිහින් තියෙනවා. කියනවා ඒ වන්දිභට්ටකම් කරන වන්දිභට්ටයන්ට හතර සීමාවේ එන්න තියාගන්න එපා, ඉන්න එනවා නම් අපි ඉන්න වෙලාවක ඇවිල්ලා අපි කොහොමත් ඉන්නවා, අපි ලෙඩකට දුකට බෙහෙත් ටිකක් ගන්න ගියොත් මිසක් මෙන්න මේ පලා යාමක් නැහැ. අනෙක් එක හොදටම බීලා, මම හිටියා නම් එයාව අන්න අර පාරෙන් එහා පැත්තට විසික් කරන තරම් ගිහියන් ටික එකතු වෙලා විසික් කරලා දානවා. මරහඬ තලනවා, ඇයි ඒ? මේ පන්සිල් රකින භූමියේ මත්ද්‍රව්‍ය පානය කරලා, ලැජ්ජ නැද්ද මම අහන්නේ ආණ්ඩුවට මොනවද මේ වැඩ? පන්සිල් රකින පුණ්‍ය භූමියට මත්ද්‍රව්‍ය පොවලා, මිනිස්සු එවලා
මේ අතර සත්‍යග්‍රයට තමන්ද සහාය දක්වන බව එම ස්ථානයට පැමිණි මුස්ලිම් ජාතිකයෙකු පූජ්‍ය බලංගොඩ කස්සප හිමි හමුවේ කියාසිටියා.
මමත් ඉන්නවා අපේ හාමුදුරුවෝ,"අපේ හාමුදුරුවනේ මම මෙතෙන්ට ආවේ ඇත්තටම අපේ හාමුදුරුවන්ට කියන්න, අපි පොඩි කාලේ ඔය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ඔය පූජා කරන ඔය මේ කිරිබත් අරමන් අරන් ගිහිල්ලා තමයි අපි උදේ කෑම කාලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ. මගේ ලේවල දුවනවා ඒව. එහෙම අතහැරලා දෙන්නේ නැහැ අපි මේ මේගොල්ලන්ගේ වැඩපිළිවෙලට අපි අතහැරලා දෙන්නේ නැහැ අපි. එහෙම වුණොත් මේ සටනට මමත් එනවා අපේ මුස්ලිම් කට්ටියත් අරගෙන, මම මෙතෙන්ට එනවා අපේ හාමුදුරුවනේ."අනිවාර්යයෙන්ම මම මෙතෙන්ට එනවා.



