තිස්ස - මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට නගරයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
අද රාත්‍රියේ අම්බලන්තොට නගරයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුවන් සහ පසුපස ගමන් කළ පුද්ගලයින් අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අම්බලන්තොට සිට හම්බන්තොට දෙසට ධාවනය වූ යතුරුපැදියක් සහ හම්බන්තොට දෙස සිට තංගල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක්.
තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු අම්බලන්තොට, වාදුරුප්ප ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් දෙදෙනා තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
අනතුර සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.




