Published
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා ආපදා සහන කණ්ඩායම් 171ක් සූදානම් කර ඇති බව නාවික හමුදාව පවසනවා.
ඉන් කණ්ඩායම් පහක් මධ්යම සහ සබරගමුව පළාත් තුල මේ වනවිටත් ස්ථානගත කර ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.
ඒ අනුව එම කණ්ඩායම් නාවලපිටිය, ගම්පොළ සහ රත්නපුර ප්රදේශවල ස්ථානගත කර තිබෙනවා.
මේ අතර දිවයිනේ බොහෝ ප්රදේශවල අද පස්වරු එකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පැවසුවා.




