ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අවසරයකින් තොරව උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ආරම්භ කර ඇති බවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කරනවා.

‘දිට්වා‘ සුළි කුණාටුවෙන් සිදු වූ හානි හේතුවෙන් මාස 10කට ආසන්න කාලයක් වසා දමා තිබූ කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා මාර්ග කොටසේ ධාවන කටයුතු පසුගිය 2 වනදා සිටි නැවත ආරම්භ කෙරුණා.

කෙසේ වෙතත්, අද අලුයම පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා ගමන් ඇරඹූ පළමු කාර්යාල දුම්රියම පීලිපැනීමකට ලක් වූ බවයි එම සංගමය පැවසුවේ.