Published
ආඩිගම ප්‍රදේශයේ තරුණයින් ඉලක්ක කර ගනිමින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ සැකකරුවෙකු ආණමඩුව පොලීසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අඩිගම නගරයේදීයි.
සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 11,200 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 12,000 ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු ආඩිගම -බුද්ධිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.




