‘ඔරියොනිඩ්ස්‘ උල්කාපාත වර්ෂාව මේ දිනවල ශ්රී ලාංකිකයින්ට ද රාත්රී අහසේ දැකගැනීමේ අවස්ථාව උදාවන බව මොරටුව ආතර් සී. ක්ලාක් මධ්යස්ථානය පවසනවා.
සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී දැකගත හැකි වන මෙම අවස්ථාව මෙවර එනම් ලබන 21 සහ 22 යන දිනවලදී පැහැදිලිව දැකගත හැකි වනු ඇතැයි ආතර් සී ක්ලාක් මධ්යස්ථානය පැවසුවේ.
මෙම උල්කාපාත වර්ෂාව නිර්මාණය වන්නේ ලොව ප්රකට ‘හැලීගේ ධූමකේතුව‘ සෞරග්රහ මණ්ඩලය හරහා ගමන් කිරීමේදී ඉතිරි කර යන දූවිලි හා කුඩා පාෂාණ අංශු පෘථිවි වායුගෝලයේ ගැටී දැවී යාමෙන්.
තත්පරයට කිලෝමීටර් 66 ක පමණ අතිශය වේගයකින් මෙම අංශු පෘථිවි වායුගෝලයට ඇතුළු වන බැවින්, ඒවා අහසේ වේගයෙන් ඇදී යන දීප්තිමත් ආලෝක ධාරා ලෙසට දිස් වනවා.
පැහැදිලි අහසක් ඇති රාත්රියක, මධ්යම රාත්රියෙන් පසු මෙය වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකි බවයි ආතර් සී ක්ලාක් මධ්යස්ථානය පැවසුවේ.
මේ සඳහා කිසිදු විශේෂ දුරේක්ෂයක් හෝ උපකරණයක් අවශ්ය නොවන අතර, පියවි ඇසින්ම නැගෙනහිර ක්ෂිතිජයට ඉහළින් පිහිටි ‘ඔරායන්‘ තරු රටාව දෙස බැලීමෙන් මෙම උල්කා වර්ෂාව පහසුවෙන් දැකගත හැකි බව මොරටුව ආතර් සී ක්ලාක් මධ්යස්ථානය වැඩිදුරටත් පැවසුවා.




