පකිස්ථාන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ ඊයේ පැවති පළමු වටයේ අවසන් තරඟයෙන් ලකුණු 55ක ජයක් අත් කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායමක් නියමිත පන්දු වාර 50 තුළ කඩුලු පහක් දැවී ලකුණු 386 ක් රැස් කළා.
බෙන් ඩකට් ලකුණු 167යි. ලකුණු 387ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 331 ක් පමණයි.
නැවත වරක් පිත්තෙන් දස්කම් දැක්වූ පවන් රත්නායක පන්දු 77කදී ලකුණු 118ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් සමඟින්.
කුසල් මෙන්ඩිස් පන්දු 71කදී ලකුණු 89යි.
මෙම තරඟය පරාජයට පත්වුවද තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා.
ඒ අනුව තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පකිස්තානය සහ ශ්රී ලංකා කණ්ඩායම් අතර හෙට පැවැත්වීමට නියමිතයි.




