“ඒහි පස්සිකෝ“ සාම පාද යාත්‍රාවේ සිව් වන දිනය අදයි.

එම පාද යාත්‍රාව මාවනැල්ල, බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරයේ සිට තෝලංගමුව ජාතික පාසල දක්වා අද දිනයේ ගමන් කිරීමට නියමිතයි.

“ඒහිපස්සිකෝ” ලෙස නම් කර ඇති සාම පාගමන පසුගියාදා ආරම්භ වූයේ දඹුල්ල පූජා නගරයෙන්.

වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා සමග ”ආලෝකා” සුනඛයා ද මෙම සාම පාද යාත්‍රාවට එක්ව සිටිනවා.