Published
අභිරහස් ලෙස මිය ගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීම සඳහා ව්‍යාජ ඇපකරුවන් දෙදෙනෙකු සොයාදූන් බව කියන සැකකරුවන් දෙදෙනෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
එක් සැකකරුවෙකු හදුනා ගැනීමේ පෙරෙට්ටුව සදහා ඉදිරිපත් කරන ලෙසද අධිකරණය එහිදී නියෝගය කර තිබෙනවා.




