මෙරට රේඩියෝ ඉතිහාසය අලුත් කරමින් දක්ෂ ඩී ජේ ශිල්පීන් 5 දෙනෙකු එකවර සහභාගී වූ දැවැන්ත ඩී ජේ සංග්රාමය ඊයේ රාත්රියේ පැවැත්වුණා.
නෙත් එෆ් එම් ඩී ජේ නයිට් ෆේස් ටු ෆේස් ඇටෑක් ෂෝ සදහා ඊයේ රාත්රියේ සහභාගී වුණේ කලුතර දිස්ත්රික්කය නියෝජනය කරමින් ඩී ජේ කේ වන් එක්ස් හා ඩී ජේ මිසා මෙන්ම කෑගල්ල දිස්ත්රික්කය නියෝජනය කරමින් ඩී ජේ වොලියුම් සමූහයයි.
ඩී ජේ වොලියුම් සමූහයට ශිල්පීන් තිදෙනෙකු ඇතුලත් වුණා.
මෙම කරට කර තරගයෙන් ජයග්රාහකයා තේරීමට නෙත් එෆ් එම් ෆේස්බුක් පිටුව හරහා ශ්රාවකයින්ට ද අවස්ථාව හිමි වුණා.
ඒ අනුව මෙම තරගයෙන් ජය හිමිකරගත්තේ කෑගල්ල දිස්ත්රික්කය නියෝජනය කළ ඩි ජේ වොලියුම් කණ්ඩායමයි.
දිස්ත්රික් නියෝජනය වන පරිදි නෙත් එෆ් එම් ඩී ජේ නයිට් ෆේස්ටු ෆේස් ඇටෑක් ෂෝ තවදුරටත් ක්රියාත්මකයි.
එම වැඩසටහන සෑම සිකුරාදා දිනකම රාත්රී නවයේ සිට සජීවිව ඉදිරිපත් කෙරෙනවා.




