Published
කළුතර දකුණ, වෙට්ටුමකඩ ප්රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය තෙබුවන නෑබඩ ප්රදේශයේදී සොයාගෙන තිබෙනවා.
එම මෝටර් රථය නෑබඩ තැපැල් කාර්යාලය අසල අතහැර දමා ගොස් තිබියදී සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
කළුතර වෙට්ටුමකඩ ප්රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් එලෙස වෙඩි තබා තිබුණේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුටයි.
එහිදී තුවාල ලැබූ එම පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි වාර්තා වුණේ.




