Published
කළුතර, නාගොඩ මංසන්ධියේ අවහන්හලකට එල්ල වූ වෙඩි ප්රහාරයකින් එහි හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එහිදී තුවාල ලැබූ ඔහුගේ බිරිද නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා කළුතර දකුණ පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා.




