කොහුවල, විජයබා මාවතේ පිහිටි නිවසක් වටලා ගිනි අවි තුනක්, මත්ද්‍රව්‍ය සහ ත්‍රිරෝද රථයක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.
එහිදී හෙරොයින් ග්‍රෑම් 78 ක්, ෂොට්ගන් වර්ගයේ ගිනි අවි 03 ක්, ඊට යොදාගන්නා උණ්ඩ 08 ක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිතා කළ ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මොවුන් සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ”කළුබෝවිල අවිශ්ක” නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධානීන් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.




