පකිස්ථාන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වන තරගය මේ වනවිට පැවැත්වෙනවා.

මෙහිදී ශ්‍රී ලංකාව තරග වදින්නේ පකිස්ථානය සමඟයි.

අද තරඟයේ කාසියේ වාසිය දිනාගත්තේ ශ්‍රී ලංකාවයි.

පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පකිස්ථානයට ලබාදීමට ඔවුන් තීරණය කළා.

ඒ අනුව මේ වනවිට පන්දුවට පහර දෙන පකිස්ථාන කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 4ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 16 ක් රැස්කර ගෙන සිටියා.

දෙපිල අතර පැවති පළමු තරඟය පකිස්ථානය ජය ගත්තා. කෙසේ වෙතත් එංගලන්තය සමග පැවති තරඟය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර එංගලන්තය සමග පැවති තරග දෙකම පකිස්ථානය ජයගෙන තිබෙනවා.