Published
ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමියන්ගේ පියාණන් වූ වීරකෝන් ආරච්චිගේ මාටින් සිංඤ්ඤො මහතාගේ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා.
ඒ, පස්වරු දෙකට වරකාගොඩ දීපාලෝක මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේයි.
ඒ මහතාගේ දේහය මේ වනවිට වරකාගොඩ ඉහළ කරන්නාගොඩ නිවසේ තැන්පත් කර තිබෙනවා.
මාටින් සිංඤ්ඤො මහතා අභාවප්‍රාප්ත වන විට 93 වියේ පසු වුණා.





