සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ජය ගැනීම සදහා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලකුණු 170ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ සියළු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 169 ක්.

දුනිත් වෙල්ලාගේ පන්දු 28 කදී ලකුණු 43 ක් රැස් කළා.

කමිල් මිෂාර ලකුණු 28 ක් රැස් කළ අතර පැතුම් නිස්සංක රැස් කළ ලකුණු සංඛ්‍යාව 26 ක්.

දසුන් ශානක රැස් කළේ ලකුණු 16ක් පමණයි.